දුවේ නුඹ මගෙ ප්‍රාණයයි

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි //

මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි //
කළ හොඳම විතරක් ඉතිරිවෙයි //

දුවේ නුඹ මගෙ...

අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ //
ගෙනියන්නෙ ඒ අභිමානයයි //

දුවේ නුඹ මගෙ...

2 comments:

  1. මිල මුදල නිල බල යා නොදෙයි //
    කළ හොඳම විතරක් ඉතිරිවෙයි //

    ReplyDelete
  2. දියණියන් ඉන්න හැම තාත්ත කෙනෙක් වගේම මගේ හිතත් සසල කළ ගීයක්... ලොකු අභිමානයක් වගේම වගකීමකුත් දනවන සුන්දර පද පෙළක් ... දයාබර සංගීතවේදී සුනිල් එදිරිසිංහයන් ගේ හඬින්. මම අහපු දවසෙම මගෙ දූටත් අහන්න දුන්නා මේ ගීය. මම කිව්වා "ඔයා ලොකු වෙලා මේ වගේ යන දවසක මේ ගීය මටත් කියන්න පුළුවන් වේවි නම් ඒක තමයි අප්පච්චිට ඔයා දෙන්න පුළුවන් හොඳම තෑග්ග" කියල.

    ReplyDelete